Colombo Today Local News

පුත්තලමේ නිවසකට කඩා වැදුණු පිරිසක් පහර දි නිවැසියෙකු මරා දමලා.

පුත්තලම සිරම්භිඅඩිය සිංගනාගවිල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් ඊයේ(20)දින රාත්‍රියේ පුද්ගලයකුට පහර දි මරා දමා ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මරා දමා ඇත්තේ සිංගනාගවිල්ලුව පදිංචි ලාල් ප්‍රනාන්දු නැමති දෙදරු පියෙකි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින්බස් වීමකින් පසුව නිවසට කඩා වැදුණු පිරිසක් පොලු මුගුරුවලින් පහර දි පුද්ගලයා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

පහර කෑමට ලක්වු පුද්ගලයා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිට ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසිය රාත්‍රියෙදිම අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

මත්ද්‍රව්‍ය නඩුවකට හිටපු නාවික හමුදාපතිගෙන් සාක්ෂි විමසයි

colombotoday

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday

නව මහාධිකරණ විනිසුරුවරුන් 13කට ජනපති අතින් පත්වීම්..

colombotoday

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීමට සූදානම්

Admin