Colombo Today Local News

සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවදානමක් නෑ.. – ඇමති ප්‍රසන්න

සංචාරකයන්ට හෙට සිට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොල සඳහා ගත යුතු ගතහැකි සියළු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවදානමක් නොමැති බවයි.

මේ පිළිබද අනිසි බියක් ඇති කර ගතයුතු නැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ කටුනායක ගුවන්තොටුපොල ක්‍රියාකාරීත්වය පිලිබඳ අද නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි

වැඩි දුරටත් අදහස් පල කල අමාත්‍යවරයා කියා සිටියේ,

” හෙට සිට සංචාරකයන් පැමිණෙ මත්තල සහ කටුනායක ගුවන්තොටුපොලවල් වල සේවකයන්ට අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමන කරන ලෙස දැඩි ලෙස උපදෙස් දී තිබෙනවා. ගුවන්තොටුපොල කටයුතු හෙට සිට සාමාන්‍ය කරනය වුනත් එය සිදුවන්නේ සේවා අවශ්‍යතාවයන් හදුනා ගනිමින්. මේ සියළුම දෙනාට ආරක්ෂිත ඇදුම් කට්ටල මුඛ ආවණ, අත් ආවහණ සහ දෑත් පිරිසිදු කිරීම අනිවාර්යය කර තිබෙනවා. මෙම සෞඛ්‍ය නීති අනුගමනය නොකරන කිසිවෙකුට හෙට සිට ගුවන්තොටුපොල පරීශ්‍රය තුල කටයුතු කල නොහැකියි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොල පරිශ්‍ර තුල තීරුබදු රහිත සාප්පු, බැංකු සේවාවන් සහ වෙනත් ව්‍යාපාරික කටයුතුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට සිට විවෘත කෙරෙනවා.

දිවයිනට පැමිණෙන සංචාරකයන් සහ විදසේ ගත ශ්‍රමිකයන් වෙන් වෙන් මාර්ග දෙකක් ඔස්සේයි ගුවන්තොටුපොලෙන් පිටව යන්නේ විදෙස් ගත ශ්‍රමිකයන් සහ සංචාරකයන් අතර සම්බන්ධයක් ඇති වන්නේ නැහැ. සංචාරකයින්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයින්ටත් බෝ නොවීම සදහා අපි සියළුම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුවයි අපි මේ සියළු ක්‍රමවේදයන් හදලා තියෙන්නේ. සංචාරකයෙකු ඒ රටෙන් පිටවෙලා, කටුනායක හරි මත්තල හරි ගුවන්තොටුපොලින් රට ඇතළු වුන පස්සේ ඔහු අනුගමනය කල යුතු ක්‍රමවේදය අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා.

මේ සංචාරක ක්ෂේත්‍රයෙන් මිලියන 03කට ආසන්න පිරිසක් යැපෙනවා. සංචාරක ක්ෂේත්‍රය රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වනවා. මෙය කඩා වැටුනොත් රටේ ආර්ථිකය අවධානමේ. පෙබරවාරි 19වෙනිදා ඉදලා අවුරුද්දකට ආසන්න කාලයක් අපි මේ රට සංචාරකයන්ට වහලා තිබුණා. මත්තල සහ කටුනායක ගුවන්තොටුපොල අපි භාවිතා කලේ විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගේන්න විතරයි. අපි 70000කට අධික පිරිසක් දිවයිනට ගෙනල්ල තියෙනවා. යනුවෙනි

Related posts

ඉන්ධන පිරවුම්හලේ පෝලිමක තවත් මරණයක්

colombotoday

ගෝඨා ඉල්ලේ. වයිට් වෑන් ඉල්ලේ. – රනිල්ගෙ අලුත්ම එක මෙන්න

colombotoday

ජාතික ගුවන් සේවයට විදේශීය ගුවන් නියමුවන් බඳව ගැනීමට රජයේ අනුමැතිය

Admin

කටාරයෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් !

colombotoday

දේශපාලනය අර්බුදය නිමා කර නැවතත් රනිල් අගමැති කිරීම ගැන යුරෝපා සංගමය සතුට පළකරයි

colombotoday

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මිය යයි

Admin