Colombo Today Local News

අන්තවාදීන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති.

අන්තවාදී අදහස් ඇති කණ්ඩායම්වලට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ තීරකයින් ලෙස කටයුතු කිරීමට පහසුවන මාර්ග සැකසීම ජාතික ආරක්ෂාවටත් නීතියේ ආධිපත්‍යයටත් තර්ජනයකැයි, නාහිමිවරුන් ඇතුළු නාහිමිවරු 12 නමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටිති.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් ජනපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව, පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතීඥයින් 150දෙනෙකු බඳවාගැනීමටත්, ඔවුන් දෙමළ භාෂාව පිළිබඳ විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා බැලීමටත් ගත් තීරණයක් සම්බන්ධයෙන් මෙම ලිපිය යොමුකර තිබේ.

එම තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ජනතා ද්‍රෝහී තීරණයක් බව විස්තර කරමින්, එය ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීම මෙම ලිපියෙහි අරමුණය.

මෙම ලිපියට ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඕමාරේ කස්සප, අතපත්තුකන්දේ ආනන්ද ඇතුළු හිමිවරුන් අත්සන් තබා ඇත.

Related posts

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

සැප්තැම්බර් මාසයේ IMF සමාලෝචනයට සාර්ථකව මුහුණදීමට හැකියි.. – ඇමති සියඹලාපිටිය

Admin

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday

හිටපු ජනපති මෛත්‍රීගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට වසර 20ක සිර දඬුවමක්

Admin

ආපදාවෙන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

Admin

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin