Colombo Today Local News

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචියක් සිදුවන්නේ නෑ

විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ, සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදුනොවන බවය.

සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා එම නිවේදනය නිකුත් කර තිබේ.

බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මඟින් දේශීය ව්‍යාපාර යටපත් කරමින් හා පවරා ගනිමින් සිටිනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ආක්‍රමණකාරි ක්‍රමවේදයන් හේතුවෙන් ඩිජිටල් වේදිකා හරහා විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ඇඳි යන බවත් එබැවින් විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට තීරණය කර බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

ජනාධිපති වැය ශීර්ෂය රනිල්ගේ ගාණම වුනාට අනුර එහෙම වියදම් කරන්නේ නෑ

Admin

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

Admin

රජිව් ගාන්ධි ඝාතනයෙන් නිදහස් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා යළි මෙරටට

Admin

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

colombotoday

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

colombotoday

ගම්මිරිස් රටින් ගෙන්වීම තහනම් කිරීමට පියවර…

colombotoday