Colombo Today Local News

රූමිට මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කරලා.. බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි.

බලන්ගොඩ නගරසභාවේ සභාපතිවරයා ලෙස මුස්ලිම් මන්ත්‍රීවරයෙකු පත්කිරීම පිළිබඳව එම සභාවේ මන්ත්‍රීවරියක විසින් මුහුණ පොතේ උපහාසාත්මකව යමක් සඳහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අද (21)දින සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

සභාපති ධුරය දැරූ චමික විමලසේන මහතා විනය පරීක්ෂණයක් සඳහා මාස තුනකට තාවකාලිකව ඉවත් කර උප සභාපති ලෙස කටයුතු කළ මොහොමඩ් රූමි මහතා සභාපතිවරයා ලෙස ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් පත්කෙරිණි.

නව සභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් ජාතිකයෙකු බැවින් එක්සත් ජාතික පක්ෂයේ සුනේත්‍රා වීරසිංහ මන්ත්‍රීවරිය විසින් සිය මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නදීශාන් වික්‍රමආච්චි මහතා විසින් සභාවේදී ප්‍රකාශ කරන ලදී.

මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් අතර වාග් ප්‍රහාරයක් ඇතිවී බලන්ගොඩ නගර සභාවේ උණුසුම් තත්වයක් ඇති විය.

Related posts

විල්පත්තු වන රක්ෂිතයේ නියෝගයට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

colombotoday

නව ලෝක වාර්තාවක්

Admin

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

colombotoday

බයිබලයට අනුව, නව අගවිනිසුරු නලින් පෙරේරා තමාගේ පළමු කතාව කරයි.

colombotoday