Colombo Today Local News

ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය දිවයිනට..

ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය අද(21) දින දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඕමානයේ මස්කට් නුවර සිට එලෙස මෙරටට පැමිණි බවයි.

මේ අතර තවත් ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, මාලදිවයින, පකිස්ථානය, තුර්කිය, බහරේන් ඇතුළු රටවලින් අදාළ පිරිස පැමිණිමට නියමිත බවය.

එසේ පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනයට ‍යොමු කෙරෙනු ඇති.

Related posts

පෞ. සමාගමකට අයත් ගුවන් යානයක් හදිසියේ ම කිඹුලාපිටියට ගොඩ බායි

colombotoday

සියළුම ප්‍රධාන නගර වලින් ජනතාව ඉවත් කරයි, දැඩි සෝදිසි මෙහෙයුම්…

colombotoday

ලංකාවේ නෑ කියූ රොහින්ග්‍යා සංක්‍රමණිකයන් පිරිසක් ගල්කිස්සෙන් මතුවෙයි (Video)

colombotoday

නෙලුම් කුළුණ හෙට විවෘත කෙරේ

colombotoday

ඉන්දීය ණය යෝජනා යටතේ ලැබෙන ඖෂධ රැගත් නැවක් අද දිවයිනට

colombotoday

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කල රිෂාඩ් දුරකතනයකින් කතා කරමින් සිටියදී මාට්ටු.

colombotoday