ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමටද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වීමටද ඉඩ ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (08) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
සාධාරණ හේතුවක් නොමැතිව පක්ෂ නායකත්වය විවේචනය කරන ඕනෑම අයෙකු පිළිබඳව තිරණ ගැනීමේදී ඔහුගේ ජනප්‍රියත්වය,වැඩිම මනාප ලබා තිබීම ආදිය නොසලකන බවද මහඇමතිවරයා ප්‍රකාශ කළේය.
තවත් කිහිප දෙනෙකු ආණ්ඩුව සමග එක්වීමට සූදානමින් සිටින බවද, ඒ සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේය.