මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් මහතා දින 03 සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දහවල් පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.
එම සංචාරය සඳහා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු 15 දෙනෙක් ද පැමිණ ඇත.
තෙදින සංචාරයෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ලබන 23 දා උදෑසන නැවත මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.