Colombo Today Local News

දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් සමාජයේ ඉන්නවා

දෛනික මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක ආසාදිතයින් සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ එවැනි ආසාදිතයින්ගෙන් තවදුරටත් සමාජය සීග්‍ර ලෙස වෛසය පැතිරෙමින් තිබෙන බවයි.

නව ප්‍රභේදය හරහා මේ වන විට කොවිඩ් මරණවල ඉහළ යාමක් ද දක්නට ලැබෙන බව අමාත්‍යවරයා සදහන් කරයි.

වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීමට නම් මහජනතාව සති දෙකකට හෝ නිවෙස් තුළම තැබීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි…

“ඔත්තේ ඉරට්ටේ දවස්වල යන්න කිව්වත් ජනතාව වැඩි වශයෙන් පාරවල්වල ඉන්නවා. පාරවල් හිස්වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. මේ පැතිරීම වළක්වා ගන්න නම් ගෙදරටම වෙලා ඉන්න ඕනේ. අත්‍යාවශ්‍ය කාරණයකට හැර එළියට යන්න එපා කියලා රටේ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.”

Related posts

විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගැන්වීම පසුපස කුමන්ත‍්‍රණයක්

colombotoday

අගමැති ඉල්ලා අස් නොවීමේ තීරණයක්. – රාජපක්ෂ පවුල විරසක වෙයි.

colombotoday

බහුජාතික සමාගමකට එරෙහිව ජනපති අභීත සටනක.. නෙස්ටමෝල්, නෙස්කැෆේවලත් තරම මෙන්න

colombotoday

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

මැතිවරණයෙන් පසු ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නෑ

colombotoday

“උතුරේ විරෝධතා සාධාරණයි.. සංසුන්ව කටයුතු කිරීම ගැන යාපනේ ජනතාවට ස්තූතියි“ – ජනපති

colombotoday