Colombo Today Local News

මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

රඛිත රාජපක්ෂ විසින් පැදවූ ජීප් රථයක් ඊයේ (19)දින රාත්‍රී 10.30ට පමණ රාජගිරියේදී මෝටර් රථයක ගැටී ඇත.

රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

Related posts

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Admin

වේයෝ කාපු අබලන් වූ පෝර්ෂ් රථය නිසා රෝසි දහදුක් විඳලා

Admin

ජනපතිට-අගමැතිට ඇති ලොකුම ප්‍රශ්නය මෙන්න…!

colombotoday

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? විවාහ උත්සව සඳහා බලපාන නවතම නීති මෙන්න

colombotoday

ගෑස් කාන්දුවක ගින්නකින් කුකුළු ගොවිපොළක පැටවු 3000ක් මරුට

colombotoday

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday