තම විශ්රාම වැටුප් දීමනා කපා හැරීමට විරෝධය පළ කරමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අද දහවල් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් ආරම්භ කළා.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට ලිපියක් බාර දීම සදහා ආබාධිත රණවිරුවන් පා ගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක්ද ඇතිව තිබූ බවයි වාර්තා වන්නේ.
මේ වන තෙක් පැවති රණවිරු සුබසාධන කටයුතුද රජය නවතා දමා ඇතැයි විරෝධතාකරුවන් ප්රකාශ කරති.