World

අල්ලාහු අක්බර් කියමින් ජර්මනියේ දුම්රිය මගීන්ට පොරොවෙන් කොටයි !

ඇෆ්ගනිස්ථානයෙන් සංක්‍රමණය වූ 17 හැවිරිදි ත්‍රස්තයෙක් ජර්මන් දුම්රියකට පැන මගීන්ට පොරෝ පහර හා පිහි පහර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු දිග ජර්මනියේ වුර්ස්බර්ග්හිදී එල්ල කළ මෙම අමානුෂික ප්‍රහාරයේදී 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, ඔහු මෙම ප්‍රහාරය සිදුකරන විට අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දුන් බවයි. කෙසේ වෙතත්, පසුව ඔහු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අමාඛ් පුවත් සේවය මොහු එම සංවිධානයේ සටන්කරුවෙකු ලෙස හඳුන්වා ඇත.

 

Related posts

තක්කාලි ගෙඩියක් තරම් බිබිලි මතු වන තක්කාලි උණක්

colombotoday

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයි

Admin

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

colombotoday

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

ෂාරුක් ඛාන්ට මරණ තර්ජන

Admin