Colombo Today Local News

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීමට පැමිණේ

ශ්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩක උපුල් තරංග කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ.

ඔහු අද (01) උදෑසන 10.15ට පමණ ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණි බව වර්ත්වේ.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ශ්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩක උපුල් තරංගගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමට කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණි.

මේ අතර හිටපු ක්‍රිකට් නායක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ (30)දින පස්වරුවේ එම ඒකකයට ගොස් පැය 5කට අධික කාලයක ප්‍රකාශයක් ලබාදී තිබුණි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ චෝදනාව ආන්දෝලනයට තුඩු දුන් අතර කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගෙන තිබුණි.

Related posts

තියෙනවයි කියූ ගම් මට්ටමත්, බිම් මට්ටමත් සජිත්ට නෑ… බෞද්ධයන් 75% අපට විරුද්ධයි !

colombotoday

ගම්පහ වෙඩි තැබීමක්

Admin

ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක්

colombotoday

ජේෂ්ඨ පුරවැසි පොලිය පහළට

Admin

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

අපයෝජකයින් අත්අඩංගුවට ගනු. | රිෂාඩ්ගේ නිවසේ පිච්චි මියගිය දැරිය වෙනුවෙන් හැටන්වල විරෝධතා

colombotoday