Colombo Today Local News

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

“2021 වසර සදහා වන මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා” කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියක් වන ගිම්හානි පෙරේරා විසින් දිනා ගන ඇත.

මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා තරගයේ අවසන් වටය ඊයේ (19) රාත්‍රී පැවැත්වූ අතර එහීදී අවසන් තරගකාරියන් 14 දෙනෙකු අභිබවා යමින් ඇය මෙම කිරුළ හිමිකර ගත්තාය.

17 හැවිරිදි තරුණියක් වන ඇය මෙම ජයග්‍රහණයෙන් පසුව මිස් ටීන් ජාත්‍යන්තර තරගාවලිය වෙනුවෙන් ‌ෙබාට්ස්වානා රාජ්‍යය නියෝජනය කිරීමට නියමිතය.

ඇයගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සදහන් කර තිබුණ් මෙම කිරුළ දිනා ගැනීමට හැකිවීම තමාට මහත් අභිමානයක් වන බවය.එසේම මිස් ටීන් ජාත්‍යන්තර කිරුළ රටට හිමිකර දීමාට තමන් නොඉවසිල්ලෙන් සිටින බවද ඇය සදහන් කර සිටින්නීය.

මීට පෙර ඇය රූරුජින තරගාවලි කිහිපයකට සහභාගී වි ඇති සුරූපිණියක වන අතර 2019/2020 වසර සදහා වන ”ලිට්ස් මිස් ප්‍රින්සස් ඔෆ් ද වර්ල්ඩ් ” ලෝක තරගාවලියේ දෙවැනි ස්ථානය ස්ථානය ද ජයග්‍රහණය කළාය.
බොට්ස්වානා හී පිලක්වේ ප්‍රදේශයේ පදිංචි ගිම්හානි එරට ලිවින්ස්ටෝන් කොලෝබෙන්ග් කොලීජියේ උසස් අධ්‍යාපනය ලබමින් සිටින ශිෂ්‍යාවකද වන්නීය.

ගිම්හානි පෙරේරා ගේ පියා වන බන්දිත පෙරේරා මහතා බොට්ස්වානා හී ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු 1990 වසරේදී බොට්ස්වානා වෙත පදිංචියට ගොස් ඇත.

Related posts

ලක්ෂ 90ක් වැය කර මැතිසබේ වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට චමින්දගේ විරෝධය

colombotoday

ඉතාලියේ පොදු ස්ථාන වසා දමයි… මිලියන 10ක් නිවාසවලට කොටු වෙති !

colombotoday

තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

colombotoday

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

colombotoday

“අද වන විට විදේශ වත්කම් හිදිලා.. රට ගොඩගන්න නම් කැපකිරීම් කරන්න වෙයි“ – ජනපති

colombotoday

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday