World

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

ජපානයෙන් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.

එරට සංක්‍රමණික මධ්‍යස්ථානයක් ආශ්‍රිතව මෙම නව වෛරස ප්‍රභේදය හඳුනාගෙන ඇති අතර එය මගින් තවත් කොවිඩ් ආසාදිත පොකුරක් නිර්මාණය විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදෙති.

නව වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් 91 දෙනෙකු ජපානයේ කාන්ටෝ ප්‍රදේශයෙන් සහ තවත් දෙදෙනෙකු එරට ගුවන් තොටුපොළක් ආශ්‍රිතව වාර්තා වී තිබේ.

එම වෛරසය ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ප්‍රභේදයක් බවට ජපාන සෞඛ්‍ය අංශ විසින් මේ වන විට තහවුරු කරගෙන තිබේ.

දැනට වෙනත් රටවලින් වාර්තා වන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයන්ට වඩා වෙනස් වූ ලක්ෂණ ජපානයෙන් හඳුනාගත් නව වෛරස ප්‍රභේදය පෙන්නුම් කරන එරට සෞඛ්‍ය අංශ පෙන්වාදී ඇත.

බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත වූවන් 151 දෙනෙකු ද ජපානයෙන් මේ වන විට හඳුනාගෙන තිබේ.

Related posts

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

colombotoday

ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අධිකරණයෙන් තවත් බාල්දියක්

colombotoday

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday