Business

ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ යයි.

ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇතිබව මුදල් වෙළෙඳපොළේ නවතම දත්ත අනුව පෙනීයයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (20) දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙස සටහන් විය.

දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාමට හේතුව ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම බව ඊයේ (19)දින පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ, ඩොලරයේ අගය ඉහළයාම සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේ දී පීඩනය යම් මට්ටමකින් සමනයවනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

“ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් බැංකු සමඟ ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා. විශේෂයෙන් අපි දැක්කා පසුගිය දින කිහිපය තුළ රට තුළට ආනයනය කරන භාණ්ඩ සඳහා විදේශ විනිමය සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් පැවතුණා. ඒ භාණ්ඩ ආනයනය සඳහා වූ විදේශ විනිමය අවශ්‍යතාවය මත තමයි බොහෝ විට විනිමය සම්බන්ධයෙන් පීඩනයක් ඇති වී තිබුණේ. ප්‍රේෂණ හරහා රටට එන මුදල් ප්‍රමාණයේ යම් වැඩිවීමක් සිදුව තිබෙනවා. නමුත් එදිනෙදා රට තුළට ගලා එන ප්‍රවාහයට වඩා ආනයන සම්බන්ධයෙන් ඇතිවන ඉල්ලුමේ ඉහළ යාමක් නිසා තමයි මේ ආකාරයේ පීඩනයක් අපි දැක්කේ. මෙය යම්කිසි තාවකාලික තත්ත්වයක් කියලා අපි හිතනවා. ඊට අමතරව රජයට යම්කිසි විශාල ප්‍රමාණයේ මුදල් ප්‍රවාහයන් ලබා ගැනීමට ඇති තත්ත්වය සැලකිල්ලට ගන්නා විට මේ තිබෙන පීඩනය යම් මට්ටමකින් සමනය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.“

Related posts

රන් බදු ඉවතට

colombotoday

මාස 3ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන්

colombotoday

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

Dialog 4G රු.2900 පැකේජයට සෑම මසකම රු.3900 ක් කපාගෙන. – මුදල් වංචාව සම්බන්දයෙන් TRC විමර්ශනයක්

colombotoday

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday

රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීව

colombotoday