Colombo Today Local News

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

ලිංගික අතරවරයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර තිබේ.

කිරිඇල්ල ප්‍රාදේශීය කාර්යාලයේ, ප්‍රාදේශිය ළමා ආරක්ෂණ නිලධාරිනියක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ, අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (19) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහැර ඇති බවය.

ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරිනිය විසින් පසුගිය 15 වන දා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරිඇල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

Related posts

දෑත් බැද මොට ආයුධයකින් පහරදී කුවේට්හිදී ලාංකික මවක් ඝාතනයට ලක්වේ

colombotoday

කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

colombotoday

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ETI අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට.

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin

මැදවච්චියේ හෝටල් හිමිකරුවෙක් විදේශක කාන්තාවන් රවටා කෝටි ගණනක මුදල් අරන්. එක් කාන්තාවක් අතුරුදහන්.

colombotoday