Colombo Today Local News

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

ජනතා විමුක්ති පෙරමුණ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී (22) පැවැත්වීමට නියමිතය.

විධායක ජනාධිපති ධූරය සඳහා සකස් කළ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීය.

මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණු පාර්ශ්වයෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු සහභාගී වෙති. 

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මීට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නායකයන් සමඟ ද ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡාවක නිරත විය. 

Related posts

එක්නැළිගොඩ අතුරුදන්වීම : අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ්…

colombotoday

බිත්තරයක් 65 සීමාවට?

Admin

ජනපතිට එරෙහිව පන්සල්වලට ලිපි යැවීමට පැමිණි ලක්ෂ්මන් කිරිඇල්ලගේ ගෝලයෝ තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අක්කාගේ විවාහ මංගල්‍යය දා මල්ලී අවසන් ගමන් යයි

Admin

මහ මැතිවරණයට ‘පොහොට්ටුව‘ සන්ධානයෙන්…

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday