Colombo Today Local News

යුද හමු­දාව මුද්‍රණය කළ පළමු රියැ­දුරු බල­ප­ත හමු­දා­ප­තිට බාර ­දෙයි

යුද හමු­දාව යටතේ ආරම්භ කළ රියැ­දුරු බල­පත්‍ර මුද්‍රණ වැඩ­ස­ට­හන යටතේ මුද්‍රිත පළමු රියැ­දුරු බල­ප­ත්‍රය ඊයේ (01)දින යුද හමුදා­පති ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ප්‍රදා­නය කළේය.

යුද හමු­දාව මගින් මුද්‍ර­ණය කරන ප්‍රථම රියැ­දුරු බල­ප­ත්‍රය යුද හමු­දා­ප­ති­ව­ර­යාගේ වන අතර එතු­මාගේ පැරණි රියැ­දුරු බල­ප­ත්‍රය අබ­ලන්ව තිබීම හේතු­වෙන් මෙලෙස නැවත මුද්‍ර­ණය කිරීම කළේය. ඒ අනුව යුද හමු­දාව විසින් මුද්‍රි­ණය කරනු ලැබූ පළමු රියැ­දුරු බල­ප­ත්‍රය මෝටර් රථ ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ වේර­හැර කාර්යා­ල­යේදී මෝටර් රථ කොම­සා­රිස් ජන­රාල් අතින් යුද හමු­දා­ප­ති­ව­රයා වෙත බාර­දීම සිදු විය.

මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් ජන­රාල් සුමිත් අල­හ­කෝන් මහතා සහ යුද හමු­දා­පති ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර අව­බෝ­ධතා ගිවි­සු­මක් අත්සන් කිරීම ද එහිදී සිදු විය.

පෞද්ග­ලික සමා­ග­මක් යටතේ වසර ගණ­නා­වක් ගිවි­සු­මක් නොමැ­තිව මුද්‍ර­ණය කළ රියැ­දුරු බල­පත්‍ර මුද්‍ර­ණය ඊයේ (01) සිට ශ්‍රී ලංකා​ යුද හමු­දා­වට නෛති­කව පැවැ­රිණි.

මෙම­ගින් වස­ර­කට රුපි­යල් මිලි­යන 80ක මුද­ලක් ඉතිරි කර ගැනී­මට හැකි­වන බව මේ අව­ස්ථා­වට එක් වූ ප්‍රවා­හන ඇමැති ගාමිණී ලොකුගේ මහතා කියා සිටි­යේය.

මේ වැඩ­පි­ළි­වෙළ යටතේ රියැ­දුරු බල­ප­ත්‍රය අවම මිල­කට මුද්‍ර­ණය කිරී­මට ඉදි­රි­යේදී කට­යුතු කරන බව ප්‍රවා­හන රාජ්‍ය ඇමැති දිලුම් අමු­ණු­ගම මහතා මේ අව­ස්ථා­වට එක්වෙ­මින් සඳ­හන් කළේය.

Related posts

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday

එජාප – ශ්‍රීලනිප සම්මුතිය නිමයි.. 2020 ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති නම් කරයි !

colombotoday

ජැක්සන්ලට වැඩ වරදියි

Admin

තලාව ප්‍රදේශයේ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin

විදුලිය කැපීම අදින් (10) අවසන්

colombotoday