වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය හදපානාගල ප්රදේශයේ දී සිදු කල වැටලීමකදී උස අඩි නවය හාමාරකට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා හේනක් වටලා තිබේ.
එම ගංජා හෙනේ ගංජා ගස් දහසකට වඩා තිබී ඇති අතර එවායේ වටිනාකම රුපියල් ලක්ෂ තිහකට අධික බව පොලිසිය පවසයි.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්රියාත්මකයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණය අද (2)දින කරුණු වාර්තා කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතයි.