World

බංග්ලාදේයේ පල්ලියක් අසල තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

බංග්ලාදේශයේ ඉද් අල්-ෆිතර් දේවමෙහෙයක් පැවැත්වෙන ස්ථානයක් අසල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බංග්ලාදේශය තුළ මෙසේ ඉද් දේවමෙහෙයක් ඉලක්ක කරමින් සිදුවූ ප්‍රථම ප්‍රහාරය ලෙස මෙය සැලකෙන අතර, මෙම ප්‍රහාරය පසුගිය සිකුරාදා ඩකා අගනුවර ඉතාලි අවන්හලේ සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයට පසුව ත්‍රස්තයන් යළි නැගී සිටි අවස්ථාවක් බව විදෙස් වාර්තා පවසයි.

එහිදී, ප්‍රහාරකයන් පිරිසක් මෙම දේව මෙහෙය පැවතැවෙන ස්ථානයට ඔබ්බෙන් වූ පොලීසිය වෙත මුලින්ම බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක්ද සිදුව තිබේ. මෙහිදී මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙකුද වන බව විදෙස් වාර්තා පවසයි.

Related posts

යුක්‍රේනයේ පාසලකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

Admin

තායිවානය අය වැයෙන් ආරක්ෂක වියදම් 14%කින් ඉහළ දමයි

colombotoday

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

Admin

ලොව කුඩාම ගවයා බංගලාදේශයෙන්. – සංචරණ සීමා නොතකා දැකබලා ගැනීමට ජනතාව පැමිණෙති.

colombotoday