Covid 19

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් සෙවීමට දිවයින පුරා සාම්පල රැස් කරයි

ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් සිටින්නේ දැයි, සොයා බැලීම සඳහා දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් සාම්පල් ලබා ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඊයේ දිනයේ ද විවිධ ප්‍රදේශවල ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් සම්පල් ලබා ගත් බවයි.

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සිටින නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින්ගෙන් ද සාම්පල් ලබාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ලබා ගත් සාම්පල ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට යොමුකර පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවයි.

දැනට ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් සොයා ගත් දෙමටගොඩ ප්‍රදේශයේ ජනතාව සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් සොයා ගැනිම සඳහා ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දෙමටගොඩ ප්‍රදේශයෙන් හඳුනාගත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සමග සබඳතා පැවැත්වූ පිරිස් හඹා ගොස් පරික්ෂාවට ලක් කිරීමට ද තීරණය කර ඇති බවයි.

අදාළ ප්‍රදේශය මේ වනවිටත් හුදෙකලා කර තිබේ.

මීට අමතරව අදාළ පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලු භෞතික හා මානව සම්පත් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නා ය.

අමාත්‍යවරිය මේ උපදෙස් ලබාදී ඇත්තේ කොවිඩ් 19 මර්දනය සඳහා වූ ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදීයී.

Related posts

අද දවසට අසාධිතයින් 3435 යි. අද වාර්තා කල මරණ සංඛ්‍යාව 161 යි

colombotoday

PCR සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනාම නෙගටිව්

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,500 ඉක්මවයි

colombotoday

තවත් කොවිඩ් මරණ 4 ක් ගෙවුණු දිනයේදී වාර්තා වෙයි – සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළට

colombotoday