Colombo Today Local News

ඉස්ලාම් හදවත සමීපයටම ප්‍රහාරයක්.. සෞදියේ මදීනා මහ පල්ලිය අසලදී ත්‍රස්තයෙක් මරාගෙන මැරෙයි

සෞදි අරාබියේ ශුද්ධ නගරයක් වන මදීනා හී ප්‍රධාන පල්ලිය අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝම්බකරු පල්ලියට ඇතුළුවීමට උත්සහා කිරීමේදී ආරක්ෂකයින් විසින් ඔහු නවතා තිබෙන අතර ඔහු පුපුරවාගැනීම සිදුකර ඇත්තේ එම අවස්ථාවේදීයි.

මෙම ප‍්‍රහාරයෙන් 4 දෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. බෝම්බකරු පල්ලියට ඇතුළු වීමට උත්සහ කිරීමේදී ආරක්ෂකයින් විසින් නතර කර තිබෙනවා.

සෞදි අරාබියේ තවත් නගර දෙකක ද ඊයේ මරාගෙන මැරෙන ප‍්‍රහාර සිදුවුණා.

රාමසාන් උපවාස සමය වෙනුවෙන් ලොවපුරා ඉස්ලාමීය නොවන සහ ෂියා ඉස්ලාම් භක්තිකයන් ඉලක්ක කර ප්‍රහාර එල්ලකරන බවට ISIS ත්‍රස්තවාදීන් ප්‍රකාශ කර තිබුණු අතර මෙම ප්‍රහාරය ඊට පිළිතුරු දීමක් ලෙස සිදු කරන්නට ඇතැයි විදේශ මාධ්‍ය සැකපලකරයි.

Related posts

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පිළිකා රෝගීන්ට කෝටි 10ක්

Admin

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහන අත්අඩංංගුවට ගන්න වැඩ බලන ජනාධිපතිගෙන් නියෝග

colombotoday

“අමාත්‍යාංශය භාර අරන් මාස හතයි.. කිසිම වගකීමක් පවරලා නෑ” – රාජ්‍ය ඇමතිවරුන්ගේ ඉරණම රංගේ බන්ඩාර හෙළි කරයි

colombotoday

74 වන අභිමාවත් නිදහස් දිනය අදයි..

colombotoday

අවසර දෙනවා නම් ආවා කල්ලිය දින දෙකෙන් මැඩපවත්වනවා – ශ්‍රී ලංකා යුද හමුදාව

colombotoday

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

colombotoday