Colombo Today Local News

ශ්‍රී ලාංකික තරුණිය ගේ මරණින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජපානය “මතභේදාත්මක සංක්‍රමණ පනත” හකුලාගනී

ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ “මතභේදාත්මක සංක්‍රමණ පනත” හකුලා ගැනීමට ජපාන රජය කටයුතු තිබේ.

මෑතකදී එරට රැඳවුම් මධ්‍යස්ථානයකදී ශ්‍රී ලාංකික තරුණියක් මරණයට පත්වීමෙන් අනතුරුව එම පනතට එරෙහි විරෝධය ඉහළ ගියේය.

අසාර්ථක වූ සරණාගතයින් නැවත අදාළ රටවලට යැවීම පහසුකිරීම සහ ආගමන බලධාරීන්ට වැඩි බලයක් ලබාදීම එම පනතේ එක් අරමුණක් විය.

අනෙක් සංවර්ධිත රටවලට සාපේක්ෂව ජපානය සරණාගතයින්ට එරට පදිංචිවීමට අවස්ථාව ලබාදෙන්නේ අඩුවෙනි.

මේ වනවිට එරටදී යම් සරණාගතයෙක්ගේ ඉල්ලුම්පත්‍රය නිෂ්ප්‍රභ වුවහොත් ඉතා දීර්ඝ කාලයක් රැඳවුම් මධ්‍යස්ථානවල දැඩි දුෂ්කරතා මාධ්‍යයයේ සිටීමට සිදුවේ.

නමුත් පසුගිය මාර්තු මාසයේදී ජපානයේ නගෝයා නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය විශ්මා සඳමාලි සරණාගතයෙක් වශයෙන් සැලකිය නොහැක.

33න් හැවිරිදි ඇය එරටට ගොස් තිබුණේ අධ්‍යාපනය සඳහා ය. ඇයට ජපාන බලධාරීන් සලකා තිබූ ආකාරයෙන් එරට සරණාගත ක්‍රමවේදයේ ඇති අඩුපාඩු මනාව පිළිබිඹු වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

ජපාන මාධ්‍ය පැවසුවේ පසුගිය අගෝස්තු මාසයේදී ඇය පොලීසියට ගොස් තිබුණේ ගෘහස්ත හිංසනයක් පිළිබඳ ව පැමිණිලි කිරීම සඳහා ය.

නමුත් වීසා සීමාව ඉක්මවා එරට රැඳී සිටීම හේතුවෙන් එහිදී ඇයව පොලීසිය විසින් රඳවා ගෙන තිබේ.

පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් ඇයට අවශ්‍ය ලියකියවිලි ලබාගැනීමට ඇති වූ බාධාව ගැන බලධාරීන්ට දැන්වුව ද සඳමාලි ව නිදහස් කිරීමට ජපාන ආගමන නිලධාරීන් ක්‍රියා කළේ නැත.

අවසානයේ දී එම මධ්‍යස්ථානයේ දැඩි දුෂ්කර දිවියක් ගතකළ ඇය මෙලොව හැරගියාය.

Related posts

පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශනය ඇරඹෙයි

colombotoday

“යහපාලනය අසමත්.. රාජපක්ෂ යළි බලයට එනවා“ – International Crisis Group කියයි..

colombotoday

චෙන්නායි සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙක් අද දිවයිනට

colombotoday

එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 90 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday

තමන්ගේ නොහැකියාව වසා ගැනීමට තෙල්දෙණිය සිද්ධිය අගමැති පාවිචිචි කළා – ඥානසාර හිමි

colombotoday

අයහපත පලවා හැර යහපත කැන්දන, හින්දු බැතිමතුන් අඳුරින් ආලෝකයට පැමිණීම සමරන දීපාවලි උත්සවය අදයි

colombotoday