සත්‍යාසංගරී ආනන්ද සංගරී හෙවත් ගැරී ආනන්ද සංගරී කැනඩාවේ පැවැති මහා මැතිවරණයේදී ස්‌කාබරෝග් පාක් අසුන ජය ගත්තේය. 43 හැවිරිදි ගැරි වෙනින් කවුරුත් නොව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී ආනන්ද සංගරීගේ පුත්‍රයායි.
2009 වසරේදී කොටි පරාජය වීමෙන් පසු ඔහු කැනඩාවේ සිට ඊළම් ක්‍රියාකාරිනියන් කීපදෙනකු රැගෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණියේය.
ඔහු මානව හිමිකම් කවුන්සිලය අමතමින් ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය චෝදනා නැගීය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ගැරි දුටු එක්‌සත් රාජධානියේ ශ්‍රී ලාංකිකයකු වූ ඩග්ලස් වික්‍රමරත්න නුඹේ පියාව කොටින්ගේ ඉලක්‌කයෙන් බේරා ගත්තේ අපේ හමුදාවයි. පියා ජීවත්ව සිටින්නේ හමුදාව ආරක්‍ෂාව සැලසූ නිසයි යෑයි කියා සිටියේය.
මේ ප්‍රකාශය ඇසු ගැරී කෝපවී මගේ පියා වෙනස් අයෙක්, ඔහුට මම සම්බන්ධ නැහැ යෑයි පළ කළේය. 1983 වසරේදී දස හැවිරිදි දරුවකු ලෙස කැනඩාවට ගිය හැරී වැඩිවියට පත් වී ඊළම් ඩයස් පෝරාවට එක්‌විය. ඔහු ඉන් පසු කැනඩාවේ ලිබරල් පක්‍ෂයට බැදුණි. ගැරී ආනන්ද සංගරී කැනඩා මැතිවරණයෙන් ජය ගැනීමත් සමගම ඔහුට සුදුහුණු ගෑමට මෙරට පාර්ශවද එක්‌විය. එහෙත් ගැරීගේ ක්‍රියාදාමයන් අපි මානව හිමිකම් කවුන්සිලයේදී නිරීක්‍ෂණය කළෙමු. කැනඩා මැතිවරණයට පෙර ඔහු ලිබරල් පක්‍ෂ නායකත්වයට යෝජනාවක් ඉදිරිපත් කරමින් ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇති කිසිම ශ්‍රී ලාංකිකයකුට කැනඩාවට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලීය.
එසේම 1948 වසරේ සිට ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට හිරිහැර සිදුවූ බව පැවසූ ගැරී ඒ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව පළ කළේය.
ගැරී ආනන්ද සංගරී උපන්නේ 1972 වසරේයි. එහෙත් 1948 සිට ද්‍රවිඩයන්ට හිරිහැර සිදු වු බව ඔහු සඳහන් කර ඇත.
කැනඩා මැතිවරණයේදී ඔහුට ජන්ද 28662 ක් ලැබුණි. ගැරී තරග වැදුණේ ස්‌කැබරෝ රෝග් පාක් ආසනය සඳහායි. මේ ආසනයේ වැඩි දෙනා ඊළම්වාදීන්ය. ප්‍රභාකරන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලයට අයත් අවන්හල්, වාහන අලෙවිසැල් දේපළ වෙළෙඳ සමාගම් ඇතුළු ව්‍යාපාරික ස්‌ථාන 400 කට වඩා ඇත්තේ මෙකී ප්‍රදේශයේයි. ගැරී ආනන්ද සංගරීට අමතරව උතුරු ස්‌කාබරෝ අසුනට තරග කළ රාධිකා සීතා සබෙයිසින් පරාජය.
කැනඩාවේ ස්‌කාබරෝ අසුනේ ඊළම් කණ්‌ඩායම් දෙකක් ක්‍රියාත්මක වූ අතර දෙවැනි කණ්‌ඩායමේ නායකයා වූයේ ගැරී ආනන්ද සංගරීය.
එහෙත් ඔහු කිසි විටෙක ඊළම් ඩයස්‌පෝරාව විවේචනයට ලක් කළේ නැත. ගැරී ගත වූ කාලය මුළුල්ලේ ගැරී ශ්‍රී ලංකාවට පක්‍ෂව කිසිදු හඬක් ඉදිරිපත් කිරීමට ක්‍රියා නොකළේය. ඔහු සැමවිටම කටයුතු කළේ ප්‍රභාකරන්ගේ පරාජය ඉවසා ගත නොහැකිව ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයා යුතු යෑයි යන අදහස මතය.
2013 මාර්තු මස ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇමතූ ගැරී මෙලෙස කියා සිටියේය.
උතුරේ සිංහලකරණය සහ බෞද්ධකරණය සිදු වෙනවා. උතුරේ භූමියේ රටාවද වෙනස් කරනවා. උතුරු නැගෙනහිර පාරම්පරික ද්‍රවිඩ භූමියක් බව කිව යුතුයි.
එසේම ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණීම සඳහා ගැරී ලෝයර්ස් රයිට්‌ස් වොච් නමින් සංවිධානයක්‌ද අටවා ගත්තේයක මේ සංවිධානය නියෝජනය කරමින් ඔහු ශ්‍රී ලංකාවට හා හමුදාවට පහර එල්ල කළේය. ගැරී ආනන්ද සංගරී කටයුතු කළේ දෙබිඩි චරිතයක් ලෙසිනි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඔහු හැසිරුණේ කෙසේද යන්නත් අපි දුටුවෙමු. කැනඩා කොන්සර්වටිව් පක්‍ෂය ජයග්‍රහණය කරවීමට ඊළම් වාදීන් පිරිසක් කැප වූවත් ගැරීටද ඊළම් සහය හිමි විය.
ගැරී ආනන්ද සංගරීගේ නියම ස්‌වරූපය හඳුනා ගැනීමට නම් ඔහු ලිබරල් පක්‍ෂයෙන් කළ ඉල්ලීම කෙරේ අවධාරණය කළ යුතුයි. ඒ යුද අපරාධ චෝදනා ලත් ශ්‍රී ලාංකිකයන්ට කැනඩාවට ඇතුළු වීම තහනම් කරන ලෙස ඉල්ලීමයි. ගැරී මෙන්ම ස්‌විට්‌සර්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණයට දර්ශිකා ක්‍රිෂ්ණ නන්දනී වඩිවේල් ඉදිරපත් වූවත් ඇය පරාජයට පත් විය. ඇයද මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කර ඇති බව කියමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුතු යෑයි පළ කළාය. ඇය තරග වැදුනේ බර්න් ප්‍රාන්තයෙනි. මෙම ප්‍රාන්තයේ ඊළම්වාදී ද්‍රවිඩයන් විශාල පිරිසක් ජීවත් වේ.
ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කර මැතිවරණයෙන් ජය ගැනීමට ඇය දියත් කළ උපක්‍රමය අසාර්ථක විය. ඇයට ලැබුණේ ජන්ද 23927 කි. දර්ශිකා තරග වැදුනේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙනි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන පරාජය වූ ඇය මීළඟ ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වී ඇත.
කීර්ති වර්ණකුලසූරිය