Colombo Today Local News

සිතුල්පව්ව මඟුල් මහා සෑය නිධන් හොරු බිදිති

කිරින්ද සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ නිධන් හොරු බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ.

මෙහි ප්‍රධාන අපරාධකරු ලෙස මේ වන විට හඳුනාගෙන සිටින ‘දෙබරවැව රුවන්’ නමැති නිදන් හොරකු සොයා මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි කිරින්ද පොලීසිය පවසයි.

පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම දාගැබ කඩා එහි නිදන් කර තිබූ පූජාවස්තු පැහැර ගැනීමට උත්සාහ කිරීමේදී ඉන් එක් අයෙක් යුද හමුදා නිලධාරියෙක් පොලීසියට භාරදී ඇතැයි ද සදහන් වෙයි.

මෙම අපරාධකරුවන් දැබැබේ ගර්භය බිඳ, එහි තැන්පත් කර තිබූ නිධන් වස්තු යම් ප්‍රමාණයක් සොරා ගෙන, බිඳ දැමූ කොටස ප්ලාස්ටර් පැරිස් යොදා වසා දමා නික්ම යන්නට උත්සාහ ගත් අවස්ථාව්දී යුද හමුදා නිලධාරියා සිද්ධිය දැක ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු අල්ලා ගෙන ඇති අතර අනෙක් පිරිස පළා ගොස් ඇතැයි ද පොලීසිය පවසයි.

ඒ අනුව, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු මේ වන විට කිරින්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සිතුල්පව්වේ ප්‍රධාන ස්ථූපය කාවන්තිස්ස රජු විසින් ඉදිකරනු ලැබ ඇති බව සලකන අතර පරිවාර දාගැබ් වසබ රජු දවස ඉදිකළ බව සැළකෙයි.

මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාවක් ද ආරම්භ කර තිබේ.

Related posts

ජාජබ විරෝධයට තහනම් වූ මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර අවහිර වෙයි

Admin

කැබිනට් සංශෝධනයෙන් පසු ආණ්ඩුවේ තවත් 10ක් විපක්ෂයට

colombotoday

කෝටියක කුඩු සමග කුඩු කප්පිත්තෙක් මාළිගාවත්තෙන් අල්ලයි

colombotoday

අර්ජුණ එජාප ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ….

Admin