මීගහතැන්න ප්‍රාථමික විදුහලට සිසුන් ඇතුළත් නොකිරීමට එරෙහිව ඇමති පාලිත තෙවරප්පෙරුම විසින් පැවැත්වූ උපවාසය නතර කර ඇති අතර සිසුන් දස දෙනා එම පාසලට ඇතුළත් කිරීම අද (30දා) සිදුවිය.
කෙසේ වෙතත් ළමයින්ව පාසලට ඇතුළත් කර නෙගන්නේ නම් තමන් සිය දිවි හානි කර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව ඔහු බෙල්ලට රෙදි පිටියක් දම එම රෙදි පටිය විදුලි පංකාවක ගැට ගසනු ලැබීය. පසුව මනත්රීවරයා රෝහල් ගත කර ඇති බවද වාර්තා වෙයි.
ළමයින් 10 දෙනෙකු අසාධාරණ ලෙස මීගකිවුල පාසලට ඇතුළත් කර නොගත් බවත් ඔවුන්ව වහාම එම පාසලට ඇතුළත් කර ගන්නා ලෙසත් සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යවර පසුගිය 27දා විරෝධතාවක් ආරම්භ කළේය. පසුව 28දා එය උපවාසයක් දක්වා වර්ධනය වූ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ ගැටලුවට විසදුම් නොදෙන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවයි.