Colombo Today Local News

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

වීරකැටිය කිංචිගුණේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු අල්ලා ගස්බැඳ ආයුධ, අත්බොම්මබයක්, යතුරුපැදියක් සහ මුදල් ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වීරකැටිය, මැදමුලන, කිංචිගුණේ බටහිර පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් මංකොල්ලකෑමට 18 රාත්‍රිෙය් පැමිණි කොල්ලකරු සමග වෛද්‍යවරයා පොරබැද ඇති අතර වෛද්‍යවරයාගේ කෑගැසීම නිසා එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කොල්ලකරු අල්ලා ගස් බැද වීරකැටිය පොලිසියට බාරදී ඇත.

කොල්ලකරු සතුව තිබූ විදේශීය රටක නිෂ්පාදික අත්බොම්මයක්, සෙල්ලම් පිස්තෝලයක්, මන්නා පිහියක්, උල්පිහියක්, කොල්ලකන ලද රුපියල් දස දහසක මුදලක්,කොල්ලය සදහා ඔහු පැමිණ තිබූ පල්සර් වර්ගයේ යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන වෛද්‍යවරයා සිද්ධිය වීරකැටිය පොලිසියට පැමිණිළිකර ඇත.

Related posts

“අවුරුදු සමයේ සාප්පු සවාරි යන්න එපා“ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

colombotoday

කැලණි ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්

Admin

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

පොලිස් අත්අඩංගුවේ සිටි අයෙක් මිය යයි.

colombotoday

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික

colombotoday