Colombo Today Local News

තවත් ගුවන් පාලම් 4ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

හංගේරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් මුල්‍ය සහයෝගිතාව මත නව පාලම් ඉදිකිරීමට නියමිතය.

මුත්තොට්ටුගල දුම්රිය හරස් මාර්ගය හා හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය ට එම නව පාලම් ඉදිරි කිරීමට යෝජනා වී තිබේ.

වාහන තදබදයට විසඳුමක් ලෙස එම පාලම් ඉදිකිරීමට නියමිතය.

හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත මේ වනවිට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් ඉදිකෙරෙමින් පවතී.

Related posts

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday

වර්ණසිංහට වැඩ බෑ… අමාත්‍යාංශය ලබන සතියේ මහ ඇමතිට

colombotoday

කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පැන යයි.. මහජනතාව විමසිලිමත් වන්න

colombotoday

මිලියන 4ක මත්පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ඇමති බැසිලුත් සංචාරයකට රට යයි

colombotoday

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත්තා. දිනන්න පුලුවන්නම් ඉන්නවා. බැරිනම් යනවා. රනිල් කියයි

colombotoday