World

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය “මූ” යන නමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය එහි විද්‍යාත්මකව බී.1.621 ලෙස හැඳින්වෙන බවද ප්‍රකාශ කර තිබේ.

“මූ” ප්‍රභේදය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණයට ද දැඩි බලපෑමක් එල්ල කරන අතර එය මේ වනවිට දකුණු අමෙරිකානු සහ යුරෝපීය රටවලින් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත් “මූ” කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට එරෙහිව සටන් කිරීමේ අවදානමක් පෙන්නුම් කරන බවද සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීම සඳහා තවදුරටත් අධ්‍යයනය කළයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

Related posts

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

Admin

ගුවනේ යා හැකි මෝටර් රථයේ පළමු ගමන සාර්ථකව නිමකයි

colombotoday

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

Admin

බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දියේ ගිලී මිය යයි

Admin

ආනයනය කළ කුකුල් මස් සහ ඉස්සන් මත තිබි කොරෝනා වෛරසය හමුවූ බව චීන බලධාරින් කියයි

colombotoday

මොඩර්නා එන්නතට WHO අනුමැතිය

colombotoday