Colombo Today Local News

එන්නතේ පළමු මාත්‍රාව ගත්තත් කොවිඩ් වැළඳිය හැකියි..

දැනට ලොව පුරා භාවිත කෙරෙන කොරෝනා මර්දන එන්නත්වලින් කොරෝනා වෛරසයට එරෙහිව සම්පූර්ණ ප‍්‍රතිශක්තිය ලැබෙන්නේ එම එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබා ගෙන සති දෙකක කාලයක් ගත වූ පසුව බව ඇමරිකානු රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය පවසයි.

මෙහිදී මාත‍්‍රා දෙකකින් යුතු වන කොරෝනා මර්දන එන්නතකින් දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීමෙන් සති දෙකකට පසුවද, තනි මාත‍්‍රාවක් සහිත කොරෝනා මර්දන එන්නතකින් එම මාත‍්‍රාව ලබා ගෙන සති දෙකකට පසුවද පුද්ගලයකු තුළ කොරෝනා වෛරසයට එරෙහිව පූර්ණ ප‍්‍රතිශක්තියක් ගොඩනැගෙන බව එම මධ්‍යස්ථානය විසින් ඉකුත් සති අන්තයේ නිවේදනය කර ඇත.

දැනට ලොව පුරා භාවිත වෙමින් පවතින කොරෝනා මර්දන එන්නත්වල පළමු හා දෙවැනි මාත‍්‍රා අතර තිබෙන පරතරය එන්නතෙන් එන්නතට වෙනස් වන අතර, එන්නතකින් පළමු මාත‍්‍රාව ලබා ගත් පසුව දෙවැනි මාත‍්‍රාව ලබා ගන්නා තෙක් අතර කාලයේදී එන්නත්ලාභියාට කොරෝනා වෛරසය ආසාදනය වීමේ හැකියාව තිබෙන බව බටහිර පර්යේෂකයෝ පවසයි.

මේ හේතුවෙන් යමෙකු කොරෝනා එන්නතකින් පළමු මාත‍්‍රාව ලබා ගත් පසුවද පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණු ආවරණයක් (මාස්ක් පැළඳීම), එකිනෙකා අතර මීටරයකවත් දුරක් පවත්වාගැනීම, දෑත් සබන් හෝ විෂබීජනාශක ද්‍රව්‍යයක් යොදා නිතර පිරිසිදු කරගැනීම යන පියවර අනුගමනය කළ යුතු බව කියා සිටි.

දැනට කොරෝනා වෛරසයට එරෙහිව වැඩි ආරක්ෂාවක් ලබා දෙන බව පිළිගැනෙන ෆයිසර් බයොන්ටෙක් එන්නතේ පළමු මාත‍්‍රාව ලබා ගත් පසු දෙවැනි මාත‍්‍රාව ලබා ගත යුත්තේ දින 21 කාලයකට පසුව වන අතර ‘මොඩර්නා’ එන්නතේ පළමු හා දෙවැනි මාත‍්‍රාවන් අතර පරතරය දින 28ක් .

දැනට තුන්වැනි ලෝකයේ රටවල් වැඩි බලාපොරොත්තු තබා ඇති ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා කොවිෂීල්ඞ් එන්නතේ එන්නත් මාත‍්‍රා දෙක අතර පරතරය දින 21ක් වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇත්තේ එහි පළමු මාත‍්‍රාව එන්නත් කිරීමෙන් සති 8ත් 12ත් අතර කාලයක් ගත වීමෙන් පසු දෙවැනි එන්නත් මාත‍්‍රාව එන්නත් කරන්නේ නම් වඩා ඉහළ ප‍්‍රතිශක්තිකරණයක් ලබා ගත හැකි බවයි.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday

“මේ වහින වැහිල්ල රටට හොදයි.. ආර්ථික වර්ධනය වේගවත් වෙනවා“ – අධ්‍යාපන ඇමති

colombotoday

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

colombotoday

නාමල්ගේ බිරිද, නැන්දා, මාමා රටින් පිට වෙයි… යෝෂිත සහ රෝහිතගේ බිරින්දෑවරුත් රට

colombotoday

තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්න අනුමැතිය

colombotoday

මහ බැංකුවේ නීති උල්ලංඝනය කරමින් කැසිනෝ රවී SMB Leasing PLC සමාගමේ සභාපති පුටුවේ.

colombotoday