Colombo Today Local News

දෙස් විදෙස් සංචාරකයින්ට, නව සංචාරක කලාප කිහිපයක්

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන අතර එම නව සංචාරක කලාප හඳුනා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එම කලාප හඳුනා ගැනීමෙන් පසු ඒවා නව සංචාරක කලාප ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන අතර මෙරට සංචාරක කලාප 07ක් දැනට ක්‍රියාත්මකයි.

නුවරඑළිය, ඇල්ල, ආරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට එම සංචාරක කලාප වන අතර ඊට අමතරව සංචාරක කලාප ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්ව නොමැති සංචාරක ආකර්ෂණයකින් සමන්විත තවත් කලාප ගණනාවක් දිවයින පුරා පිහිටා තිබේ.

එම සංචාරක කලාප හඳුනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් එහි යටිතල පහසුකම් සංවර්ධනය සහ සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කළහැකි බව ඇමතිවරයාගේ අදහස වන අතර නව සංචාරක කලාප ප්‍රකාශයට පත්කිරීමේ දී දැනට හඳුනාගෙන ඇති නිර්ණායක යාවත්කාලීන කිරීමට ද සිදුව තිබෙන බව සඳහන්.

මෙරට සංචාරක කර්මාන්තය වසර 2025 වනවිට ඇමරිකන් ඩොලර් බිලියන 10ක ආදායමක් ජාතික ආර්ථිකයට ලබාදීම ඉලක්ක කරගනිමින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණ ද එය යථාවත් කිරීම සඳහා මේ වනවිට රජයට ගත හැකි, ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටින බවද වාර්තා වෙයි.

Related posts

ප්‍රා. සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරීවරියක් සමග සහන මල්ලට කෙහෙවලු පටල ගනී | ග්‍රාම නිලධාරිනිය රෝහල් ගත වෙයි

colombotoday

පාස්කු ත්‍රස්තයන් හා අසාත් සාලිගේ සම්බන්ධය හිටපු පොලිස්පති පූජිත හෙළිකරයි !

colombotoday

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද සිට

colombotoday

සිරස මාධ්‍යවේදීන්ට පහර දීම : පොලිස් විශේෂ කාර්ය බලකායේ SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

colombotoday

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප් ගෙවන්න… ජනපතිගෙන් උපදෙස්

colombotoday