ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාර්ඩ් සමාගමට අයත් නෞකාවේ සිටි යුක්රේන ජාතික කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (23) රාත්‍රියේ දීය.
නීති විරෝධී ගිනි අවි ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.
පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන්කළේ මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතින බවයි.