Colombo Today Local News

වාරියපොල නුවරකන්ද විහාරයේ නිධන් හාරමින් සිටි අයෙක් කොටු

කුරුණෑගල වැහැර පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසකට ඊයේ (18)දින රාත්‍රියේ දී ඓතිහාසික වාරියපොල නුවරකන්ද විහාරයට අයත් පුරාවිද්‍යා රක්ෂිතය තුල නිධන් හාරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

ඔහු සතුව තිබී ගිනි අවි දෙකක්ද පොලිසිය විසින් සොයාගන්න ලදී. එම පුද්ගලයා මෙම විහාරස්ථානය අසල වත්තක මුර කරුවෙකු වේ. නිධන් හාරමින් සිටි තවත් කීපදෙනෙකු පැනගොස් ඇත.

එම පිරිස අතර ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිවරයෙකුද සිටින බවට පොලිසිය සැකකරයි. එම නිලධාරියාට අයත් බවට සැකකරන යතුරුපැදියක් සහ හැදුනුම්පත් දෙකක්ද තවත් යතුරුපැදියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. තවද එම ස්ථානයේ තිබී රාජ්‍ය ලකුණ සහිත ටී ෂර්ට් දෙකක් , පොලොව හෑරීමට සහ ගල් කැඩීමට යොදාගන්නා අයුධ ඇතුලු භාණ්ඩ තොගයක්ද පොලිසිය බාරයට ගෙන ඇත. පැනගිය පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

Related posts

රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු ගෙන්නන්න එපා. | ඇමති වීරසේකර කතා නායකගෙන් ඉල්ලයි.

colombotoday

මාධ්‍ය හමුවකදී අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට අදාළ විමර්ශන අවසන්

colombotoday

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය වැඩි ජන්දයෙන් පරාදයි

Admin

පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායාම කරන ලෙස දන්වයි

Admin

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

colombotoday