Colombo Today Local News

පානම මුහුදේ භූමිකම්පාවක් | මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව

අම්පාර, පානම මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක අගයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කර සිටි.

මෙම භූමිකම්පාව අද පෙරවරු 11.14ට පමණ සිදුව තිබේ.

කුඹුක්කන් ඔය මුහුදට එක්වෙන මෝය කටේ සිට කිලෝමීටර් 14ක් නැගෙනහිරින්වූ මුහුදේ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර එය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇත.

මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව මෙය ලෙස සලකනු ලබන අතර, 2009 වර්ෂයේදී රිච්ර්ට් ඒකකයේ 4.5ක පමණ අගයකින් යුත් භූමිකම්පාවක් පානම මුහුදෙන් වාර්තා වුවා.

මෙම භූමිකම්පාව හේතුවෙන් කිසිදු සුනාමි අනතුරක් නොමැති බවද භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සඳහන් කර සිටි.

Related posts

සංහිදියාවේ ගැට්ටෙන් වැටුණු කෝකිලායි පන්සලේ අවණඩුව

colombotoday

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගොඩදාන්න මහජන මතය හදන වැඩේ රාජිතට !

colombotoday

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

Admin

මහබැංකු අධිපති බැදුම්කර කොමිසමට සාක්ෂි දෙයි.. හෙටත් කැදවයි

colombotoday

අධි චෝදනා ඉදිරිපත් කිරීම සලකා බැලීමට නීතිපති පාස්කු කොමිසමේ සම්පුර්ණ වාර්තාව ඉල්ලයි.

colombotoday