Colombo Today Local News

මිහින්තලේ ප්‍රා. සභාවේ විපක්ෂනායක නිසාර්ට සජබ ඉන්දිකගෙන් කනේ පහරක්.

මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයාට විපක්ෂයේ ම මන්ත්‍රීවරයෙකු විසින් පහරදීමක් සිදුකර තිබේ.

මිහින්තලේ ප්‍රාදේශිය සභා රැස්වීම අතරතුරදී අද (19)දින එම සිද්ධිය සිදුව තිබේ.

එහිදී විපක්ෂ නායකවරයා ප්‍රාදේශිය සභා රැස්වීම සඳහා පැමිණ ඇති අතර ඒ වනවිට විපක්ෂනායක අසුනේ‍ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා අසුන්ගෙන සිට තිබේ.

එම අවස්ථාවේදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

එහිදී ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා විපක්ෂනායක අසුනෙන් නැගිට විපක්ෂනායක නිසාර් මොහොමඩ් මහතාට පහරක් එල්ල කළේය.

එය ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබේ.

මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය නියෝජනය කරන අතර ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.

ඉන් පසු එම ස්ථානයට මිහින්තලේ පොලීසියේ නිලධාරීන් පිරිසක් ද පැමිණ තිබේ.

මේ වන විට ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා මිහින්තලේ පොලීසිය වෙත රැගෙනගොස් ඇති බව වාර්තා වේ.

Related posts

‘මට කියන ජාති මම දන්නව.. මහත්මා ගාන්ධි තරම් මම තවම බැනුම් අහල නෑ‘ – ජනපති

colombotoday

“2020 ජනාධිපතිවරණයට තරග කිරීමට මාත් සූදානම්” – ෆොන්සේකා

colombotoday

තවත් පාසලක විශාල පැති බැම්මක් කඩාවැටෙයි – දෙදිනක් පාසල වසාදමයි

Admin

යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.

colombotoday

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday

අගමැති වෙනස් කිරීමේ කිසිම සූදානමක් නැහැ

colombotoday