පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පත් කර තිබේ.
නිහාල් තල්දූව මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා සහ බස්නාහිර පළාත් බුද්ධි අධ්යක්ෂවරයා ලෙසද කලක් කටයුතු කළ අතර ඇල්පිටිය හා යාපනය පොලිස් කොට්ඨාස භාරව ද සේවය කළේය.
පසුගිය කාලයේ පොලිස් මූලස්ථාන අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කළේ ඒ මහතායි.