Colombo Today Local News

යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුවටත් යයි.

මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් පිරිසක් අද (19) දින පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරත විණි.

පසුගිය දෙසැම්බර් මස සිට නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම ඇරඹුණු අතර එය “Bio bubble” යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වේ.

මේ වනවිට 1,200කට ආසන්න යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

එම කණ්ඩායම් රටේ විවිධ ප්‍රදේශවල සංචාරයේ යෙදෙති.

මේ වනවිට යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම ඔස්සේ රුපියල් කෝටි 42ක ආදායමක් උපයා ගෙන ඇති බව බලධාරීන් පැවසීය.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එමගින් සංචාරක ක්ෂේත්‍රය ට අත්වැලක්දීම බලධාරීන්ගේ අරමුණකි.

කෙසේ වෙතත් ජනවාරි 21 වනදා සිට විදෙස් සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමට සියලු පියවර ගෙන ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.

Related posts

මිලියන 1800ක කුඩු තොගයක් රාවතාවත්තෙන් අල්ලයි… මධූෂ්ගේ පියාගේ අවමගුලේ සී.ඩී. තැටියකුත් හමුවේ

colombotoday

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

Admin

මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි

colombotoday

සෞදියේදී ඇණ 12ක් ගිල්ලවූ ලාංකික කතක් අසාධ්‍යව රෝහලේ

colombotoday

යෝෂිත වෙනුවෙන් විරෝධය පෑ ක්‍රීඩකයන් හතරකට තරග තහනමක්!

colombotoday

එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday