Colombo Today Local News

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 10,000ක්

හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට රුපියල් 10,000ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ බව තීරණය කළ බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අතර හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 500ක් ශාක පෝෂක ඇමෝනියම් හෙක්ටයාර ලක්ෂ 16ක් වෙනුවෙන් එම නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම රජයේ අරමුණ වේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා මණ්ඩල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නියෝජිතයින් සහභාගී වී තිබේ.

එළඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.

සියලු පුද්ගලයින් හා ආයතන විසින් නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් හරහා ගැටලුවකින් තොරව මිලදී ගැනිමට ද සකස් කර අවසන් බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය, මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දී තිබේ.

Related posts

කෙළ ගැහුවොත් ‌කෙළවෙයි. කුරුණෑගල ටවුමේ කෙළ ගැසීම තහනම්. මාස 6ක් හිරේ

colombotoday

ත්‍රස්තවාදීන්ට උදව්කල ජවිපෙ අපේක්ෂක ඊබ්‍රාහිම් පවුලේ කෝටි 100 ක දේපොළ තහනම්…?

colombotoday

කඩු පොලු රැගත් මැරයෝ කින්නියා සිවිල් ආරක්ෂක බලකා කාර්යාලයට පනී.. පුද්ගලයෙකු කපා කොටා යකා නටති

colombotoday

5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට

Admin

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

මගේ අමාත්‍යංශයේ දූෂණයක් වංචාවක් වෙනවද බලන්න සමාජ ක්‍රියාකාරීන්ට බාර දුන්නා – රවී කරුණානායක

colombotoday