Colombo Today Local News

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් බවට සැකයක් | ආසාදනය වීම ගැන පරීක්ෂණ

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

එම සත්ත්වයාට වෛරසය ආසාදනය වී ඇති බවට නිශ්චිතව තහවුරු වී නොමැති නමුත් ආසාදිත බවට සැක කරමින් සත්ත්වයාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා පළ වී තිබුණි.

එමෙන්ම තවත් සතුන් දෙදෙනෙකු හදිසියේ මියගොස් ඇති බවට පුවත්පත් වාර්තාවල දැක්වුණි.

මේ සම්බන්ධයෙන් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසා සිටින්නේ සිංහයා විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කළ බවය.

කෙසේවෙතත් අනෙක් සතුන් දෙදෙනා මියගොස් ඇත්තේ වෙනත් රෝගාබාධ හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

“දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙක්ට කොවිඩ් පොසිටිව් යැයි සැක කරමින් ප්‍රතිකාර කරනවා. මොකද සතා දින කිහිපයකට පෙර කෑම නතර කළා. ඊට පස්සේ පශු වෛද්‍යවරු යම් යම් ප්‍රතිකාර කළා. පේරාදෙණියට රුධිර පටල යවලා පරීක්ෂණයක් කළා. මුලින් ආවේ නෙගටිව් කියලා. පසුව සතාට පොසිටිව් යැයි සැක කළ හැකි හේතු ඇති බවට අනාවරණය කළා. “

Related posts

“තීරණය වෙනසක් නෑ.. වෛද්‍යවරුන් බිහිකිරීමට SITM සුදුසු නෑ” – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

රාත්‍රි සමාජශාලා ආරම්භ කළ යුතුයි – ඇමති ජෝන් අමරතුංග පවසයි

colombotoday

පන්සල්, පල්ලි, කෝවිල්වල ඡන්ද වැඩ තහනම්.. හාමුදුරුවෝ, පූජකයන් වසර 7ක් සිරගෙට

colombotoday

රොබෝ තාක්ෂණයෙන්මෙරට නිෂ්පාදිත සේලයින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙයි

colombotoday

ඇමති විජේදාසගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.. බොරු චෝදනා කරන්න ආ UN ලොක්කා නැගිට යයි

colombotoday

තමිල්නාඩුවෙන් සහනාධාර රැගත් නැවක් අද හවසට ලංකාවට

colombotoday