Colombo Today Local News

රොබෝ තාක්ෂණයෙන්මෙරට නිෂ්පාදිත සේලයින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙයි

රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී.

පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම රොබෝ තාක්ෂණයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

රුපියල් බිලියන 09ක වියදමෙන් ඉදිකොට ඇති මෙම සේලයින් නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55 ක වාර්ෂික නිෂ්පාදනය කින් යුක්තය. මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සේලයින් අවශ්‍යතාවය බෝතල් මිලියන 15 ක් වන අතර දේශීය අවශ්‍යතාවය එම කර්මාන්තශාලාවෙන් සපුරා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ .

දැනට මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන අපනයනය කරන අතර යුරෝපා වෙළෙඳපොළ ජය ගැනීමේ අපේක්ෂාවෙන් කර්මාන්තශාලාව සඳහා යුරෝපා තත්ත්ව සහතිකය ලබා ගැනීමට කළමනාකාරිත්ව සැලසුම් කොට තිබේ.

Related posts

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

colombotoday

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin

පාගමනේ ගිය මන්ත්‍රීලාගේ ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැදවලා.. ආරක්ෂාව අනතුරේ – විමල්

colombotoday

නැගෙනහිරදී ජාතියේ අභිමානය පාපිස්නාවට වැටෙයි!

colombotoday

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday