Colombo Today Local News

හොරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු නාකොටික් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 4 ට අධික වටිනා හොරොයින් තොගයක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බව කියන් රුපියල් ලක්ෂ 17 ට අධික මුදලක් සමග සැකකාරිකාරියන් දෙදෙනකු සේදවත්ත සහ හේනමුල්ල යන ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ මහතා වෙත පුද්ගලයකු ලබා දුන් තොරතුරකට අනුව ඊයේ (17) සවස ඇගේ නිවස වටලා හොරොයින් හා මුදල් අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීම් සිදුකරන අවස්ථාවේ සැකකාරිය සතුව හොරොයින් ග්‍රෑම් 28 ට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර, නිලධාරීන් ඇගේ නිවස සෝදිසි කිරීමේ ඇය නිදන කොට්ටය තුළ සඟවා තිබු හොරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 15 ට ආසන්න මුදල් ප්‍රමාණයක් තිබු බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරිය වයස අවුරුදු (43) ක කාන්තාවක් බවත්, ඇයගෙන් ප්‍රශ්න කිරීමේ දී ඇයට මෙම හෙරොයින් ලබා දෙන කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, එම තොරතුරු මත එම සැකකාරිය හේනමුල්ල මහල් නිවාසයක දී අත්අඩංගුවට ගෙන ඇත.

හොරොයින් ජාවාරමෙන් උපයාගත් ලක්ෂ 2 ට අධික මුදලක් සමග එම සැකකාරිය ද අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

එජාපය මා වෙනුවෙන් පෙනී නොසිටීම ගැන කණගාටුයි… වෙනම ඡන්දෙ ඉල්ලනවා, පැරදුනොත් රට යනවා !

colombotoday

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය ජනපති අතින් විවෘත කෙරෙයි

colombotoday

මෙවර ගනුදෙනු නැකත සමෘද්ධි බැංකුව වර්ජනය කරයි

Admin

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

colombotoday

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

colombotoday