World

ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ හවුති කැරලිකරුවන් ට දැඩි අනතුරු ඇඟවීමක්

හවුති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයේ පළිය ගන්නා බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කර ඇත.

පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවමින් යේමනයේ හවුති සටන්කාමීන් විසින් අබුඩාබි නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙලෙස අනතුරු අඟවා තිබේ.

එමීර් රාජ්‍යය, ඉරාන සහාය ලබන බවට විශ්වාස කෙරෙන හවුති කැරලිකරුවන්ට එරෙහි සවුදි ප්‍රමුඛ හමුදා සන්ධානයේ පාර්ශ්වකරුවෙකි.

හවුති කැරලිකරුවන් සෞදි අරාබි දේශ සීමාව ඔස්සේ නිරන්තරයෙන් ප්‍රහාර සිදු කළද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙවැනි දරුණු ප්‍රහාරයක් එල්ලවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

කෙසේ නමුත් එමීර් රාජ්‍යයේ තවත් ඉලක්ක වෙත ප්‍රහාර සිදුකරන බවට හවුති කැරලිකරුවන් අනතුරු අඟවා ඇත.

අබුඩාබි සහ ඩුබායි ගුවන්තොටුපළ හා අබුඩාබි නගරයේ මුස්තාෆා කලාපයේ පිහිටි තෙල් පිරිපහදුවක් ඇතුළු වැදගත් ඉලක්ක කිහිපයක් වෙත ඊයේ (17)දින ප්‍රහාරය එල්ල කළ බව හවුති සංවිධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.

ඒ සඳහා බැලැස්ටික් මිසයිල 5ක් සමග සන්නද්ධ ඩ්‍රෝන යානා යොදාගත් බවද ඔහු සඳහන් කර ඇත.

මේ අතර සෞදි ප්‍රමුඛ හමුදා සන්ධානය යේමනයේ සානා අගනුවරට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 11 දෙනෙකු තුවාල ලැබූ බව හවුති මාධ්‍ය ආයතනය නිවේදනය කර තිබේ.

ප්‍රහාරයෙන් දේපළ හානි රැසක් සිදුවී ඇති බවද අල් මසීරා නමැති එම මාධ්‍ය ආයතනය සඳහන් කර ඇත.

Related posts

සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !

colombotoday

තවත් මාධ්‍යවේදියෙකු වෙඩිතබා ඝාතනය කෙරේ

colombotoday

ඇමරිකාව අඩියක් පස්සට ගනී.. කිම් ජොන්ග් අන් හමුවෙන්න ට්‍රම්ප් ලෑස්තියි !

colombotoday

තලේබාන් සංවිධානයෙන් ලෝක බලවතාට ප්‍රබල අනතුරු ඇඟවීමක්

colombotoday

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

colombotoday

ISIS පුහුණුව ලබා දී ඉන්දීය තරුණයන් සිරියාවට යැවූ පුහුණුකරු අත්අඩංගුවට

colombotoday