Colombo Today Local News

මාලදිවයින මුහුදේදී අනතුරට ලක්වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු බේරා ගනී

මාලදිවයින ආසන්න මුහුදු තීරයේදී ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරට ලක්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන තිබේ.

නාවික ප්‍රකාශක, කැප්ටන් ඉන්දික ද සිල්වා පවසන්නේ, යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු සිට ඇති අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බවය.

බේරාගත් ධීවරයින් අද(08) පස්වරුවේ ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී අදාළ වෙළෙඳ නෞකාවෙන් නාවික හමුදාව වෙත භාරදීමට නියමිතව තිබේ.

”අසේල පුතා” නැමැති මෙම ධීවර යාත්‍රාව බේරුවලින් මුහුදු ගොස් තිබේ.

යාත්‍රාව සමග සන්නිවේදන සබඳතා බිඳවැටුණු බවට යාත්‍රාවේ හිමිකරු පසුගිය 05 වැනිදා බේරුවල පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මාලදිවයින් හා මුම්බායි නාවික බලධාරින් වෙත දැනුම්දී තිබූ බව නාවික හමුදාව පවසයි.

Related posts

ඉන්දියාවෙන් ඇවින් නිධන් කඩයි.. පුජාව දෙද්දී අත්අඩංගුවට

colombotoday

FCID ලොක්කා සිදුකල සම්පුර්ණ හෙළිදරව්ව

colombotoday

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

colombotoday

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන්

colombotoday