Colombo Today Local News

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරයි

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද(18)දින පත්කර තිබේ.

ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ ජී විජේසිරි මහතාත් කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ඩී පාඩිකෝරල මහතාත් පත් කරනු ලැබ සිටිති.

මෙම ලේකම්වරු දෙදෙනා ජනාධිපතිවරයා අතින් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පත්වීම් ලිපි ලබා ගත්හ.

කේ ජී විජේසිරි මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර එස්.ඩී පාඩිකෝරල මහතා තිරිකුණාමල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස මෙයට පෙර කටයුතු කළේය.

Related posts

මාළු ව්‍යාපාරිකයෙක් මහ රෑ කපා කොටා මාරා දාලා…

colombotoday

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

විමල්ගේ තැන එස්.බී. දිසානායකට. – කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙයි.

colombotoday

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

රෝහලේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට

colombotoday