Colombo Today Local News

බස් රථයක් ඇළකට පෙරළී 18ක් රෝහලේ

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇළට පෙරළී අද (06)දින දහවල් එම අනතුර සිදුව ඇතැයි වාර්තාවේ.

ගල්කිරියාගම සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ එම බස් රථය එක වරම කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරළී ගිය බව එහි රියදුරු පවසා තිබේ.

ප්‍රදේශවසීන්ගේ සහාය ඇතිව බස් රථයේ සිරවී සිටි මගීන් ගොඩට ගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බව පොලීසිය පැවසීය.

අනතුරින් පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු රෝහල් ගත කොට ඇති අතර කාන්තාවන් 13 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා විය.

තුවාල ලැබීමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

Related posts

විදුලිබල, ඛනිජතෙල් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin

ස්ටාලින් නැවත පොලිසියට කැදවයි

colombotoday

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් කර, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව එකග වුණා – TNA

colombotoday

දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් හෙට සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක්

colombotoday

වසවිස නැති, කොන්ද පණ තියන කෙනෙක් මීළග ජනාධිපතිකමට ගේනවා – රතන හිමි

colombotoday

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin