Colombo Today Local News

18ට වැඩි අයට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතුයි

විනය ගරුක සමාජයක් බිහිකිරීම සඳහා වයස 18ට වැඩි පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ රටේ විනය පිරිහීමට ලක්ව තිබෙන බවය. පානදුර, අලුබෝමුල්ල සහ හිරණ පොලිස් ස්ථාන විවෘත කිරීමේ අවස්ථාව කට එක්වෙමින් අමාත්‍ය සරත් වීරසේකර මෙම අදහස් පළකර ඇත.

“බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වෙන්න නම් එවැනි සමාජයක කප්පම්කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ ඉන්න බෑ. අද පුංචි දරුවෙක් අතරමං වුණොත් ඒ දරුවගේ අනාගතය ගැන කියන්න බෑ. ඒ වගේම අපේ රටේ විනය අද බොහොම පිරිහිලා. අවුරුදු 18න් ඉහළ අයට හමුදා පුහුණුවක් ලබාදිය යුතුයි කියලා මම කිව්වාම පාර්ලිමේන්තුවේ මට අපහාස කළා. හමුදා පුහුණුවක් කියන්නේ සමහරු විවේචනය කරනවා වගේ මිලිටරිකාරයෙක් වෙන්න නෙමෙයි. නමුත් අවුරුදු 18න් ඉහළ තරුණයන්ට අපි යම් පුහුණුවක් දෙනවා නම් ඒ පුහුණුව දෙන්න සුදුසුම තැන තමයි හමුදා කඳවුර. මොකද ඒ තුළ විනයක් හික්මීමක් වගේම පහසුකම් තියෙන නිසා. පෞරුෂත්වය වැඩිකරන යම්කිසි පාඨමාලාවක් දුන්නොත් අපිට පුළුවන් සමාජය ක්‍රමක්‍රමයෙන් විනයගරුක සමාජයක් බවට පත් කරන්න.”

Related posts

ඌව මහ ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව වෛද්‍යවරු වැඩ වර්ජනයක – රෝහලේ නිළ නිවාසයකට පහරදීලා

colombotoday

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin

ලබන මස 22 දා තෙක් තෙල් නැවක් නැහැ

colombotoday

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Admin

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

colombotoday