Colombo Today Local News

හිජාස් හිස්බුල්ලා අධිකරණයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදින් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදි ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා එල්ල වු නීතිඥ හිජාස් හිස්බුල්ලාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (18)දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ මාස 10 කට ආසන්න කාලයක් රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා ඊයේ (17)දින ලබාදුන් උපදෙස් අනුවය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදින් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදි ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා මත නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 14 වනදාය.

පසුව ඔහු සම්බන්ධයෙන් වු රැඳවුම් නියෝගය අධිකරණය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවස්ථා කිහිපයකදි දිර්ඝ කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් මාස 10 කට ආසන්න කාලයක් දිර්ඝ විමර්ශනයක් සිදුකළේය.

අදාළ විමර්ශනයේ උදෘත අධ්‍යනය කළ නීතිපතිවරයා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිඥ හිජාස් හිස්බුල්ලා සැකකරුවෙකු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය.

එහිදි නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබුණේ සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලාට දණ්ඩ නීති සංග්‍රහයේ 102 සහ 113 ( ආ ) වගන්තිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) ඌ වගන්තිය සහ සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ චෝදනා ගොනු කරන ලෙසය.

මේ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් පවත්වාගෙන ගියේ යැයි සැලකෙන අන්තවාදි ඉගැන්වීම් සිදුකළ බව කියැවුනු පුත්තලම මුන්දලම ප්‍රදේශයේ මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා වු මොහොමඩ් ෂකීල් නැමැත්තාව ඊයේ රාත්‍රීයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවල උදෘත අධ්‍යනය කිරීමෙන් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් වලට අනුවය.

Related posts

දූෂිත නරේන්ද්‍ර සිල්වාට ලංකා විදුලි සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස උසස්වීමක්

colombotoday

RMVයෙන් වේලාවක් වෙන්කර ගන්න දුරකථන අංක

colombotoday

බංග්ලාදේශයෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

colombotoday

ගෙවල් කඩා උන්හිටිතැන් අහිමි කළැයි තොටළග වත්තේ මහ විරෝධයක්! – පාරවල් අවහිරයි

colombotoday

“නීතිය හා සාමය ෆොන්සේකාට දී 2020 දක්වාම යහපාලනය කරන්න ශ්‍රීලනිපය එකගයි” – දුමින්ද දිසානායක

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ මහබැංකු උපදේශකකමට !

colombotoday