Colombo Today Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධි චෝදනා.

මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට අද (18)දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ එම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවිය.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගන ඔවුන්ගේ පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් වෙත භාර දී තිබෙන ලේඛනවල අඩුපාඩු තිබේ දැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ඒ පිළිබඳව සලකා බැලීම සඳහා නඩුව අප්‍රේල් මස 22 ද කැඳවන ලෙස නියම කළේය.

Related posts

මහින්දගේ රත්තරං හොයන්න ලියනගේගේ පිහිනුම් තටාකය හෙට හාරයි

colombotoday

එජාපයේ විවේචනවලට විරෝධ පා ජනපති කැබිනට් රැස්වීමෙන් නැගිට යයි

colombotoday

කලිනොච්චියේදී බසයක් ගිනිබත් වෙයි.. ගිනි ගත්තද.. ගිනි තිබ්බද.. සැකයක් !

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday