Colombo Today Local News

පළාත් සභා මැතිවරණ තියෙනවා කියන්නේ මේ පඹගාල තවත් පැටලෙන එකයි – ඕමාරේ කස්සප හිමි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඉන් පළාත් සභා ක්‍රමය ඉවත් කළයුතු බව පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පෙන්වා දෙයි.

උන්වහන්සේ පවසන්නේ ජනතාව සෘජුව මධ්‍යම පාලනයට සම්බන්ධ කරගත හැකි වන්නේ පෙර පැවැති ගම්සභා ක්‍රමය මගින් පමණක් බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඕමාරේ කස්සප හිමියන් මේ බව ප්‍රකාශ කළේය.

“අලුතෙන් හදන ව්‍යවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ පළාත් සභා ඉවත් කරන්න ඕනේ. මේවා සේරම සංස්කරණය කරලා ගම්සභා වගේ ක්‍රමයකට යන්න. අවුරුදු සියදහස් ගණනක් මේ රටේ පැවතගෙන ආපු ක්‍රම පැත්තකටම විසිකරලා දාලා, අලුතෙන් පටන් අරගෙන දැන් පඹගාලක පැටලිලා වගේ වෙලා තියෙනවා. පළාත් සභා මැතිවරණ තියෙනවා කියන්නේ මේ පඹගාල තවත් පැටලෙන එකයි,” යනුවෙන් ද පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පෙන්වා දුනි.

Related posts

අපි ඉල්ලන දේ නොලැබුනොත් ඒක දේව කැමැත්ත කියලා හිතමු

Admin

දිගම්බරම්ගේ සහය

Admin

යල් පැන ඇති පොදු ආකෘති සමාලෝචනයට කමිටුවක්

colombotoday

ජාතික විගණන පනත ව්‍යවස්ථාවට පටහැණියි… කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

පාර්ලිමේන්තුව 12 දක්වා කල් තබයි…

colombotoday

මහ ඇමතිට, රටේ හිටපු නායිකාවකට සහ ඇමතිවරයකුට ඊළාම්වාදී ඩයස්පොරවෙන් මිලියන ගණනින් මුදල්

colombotoday